ෆෝබ්ස් සඟරාවේ අංක එකට පැමිණි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

නොකඩවා පස්වැනි වසරටත් සුපිරි ක්‍රීඩක 'ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ' ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ඉහළටම පැමිණ තිබේ .

එහි දෙවැනි ස්ථානයට පැමිණ ඇත්තේ , NBA පැසිපන්දු ක්‍රීඩක 'ස්ටීවන් කරි' ය .

 රොනාල්ඩෝගේ  ඇස්තමේන්තුගත මුළු ආදායම ඩොලර් මිලියන 15 කින්, ඩොලර් මිලියන 275 දක්වා (ආසන්න වශයෙන් පවුම් මිලියන 206) ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් සඟරාව වැඩි දුරටත් සඳහන් කර තිබේ .

'ලයනල් මෙසී' ෆෝබ්ස් ලැයිස්තුගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.

වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයින් 10 දෙනා පහතින්,

  • Cristiano Ronaldo, football: $275m (£206.6m)
  • Stephen Curry, basketball: $156m (£117.2m)
  • Tyson Fury, boxing: $146m (£109.7m)
  • Dak Prescott, American football: $137m (£103m)
  • Lionel Messi, football: $135m (£101.4m)
  • LeBron James, basketball: $133.8m (£105.5m)
  • Juan Soto, baseball: $114m (£85.7m)
  • Karim Benzema, football: $104m (£78.2m)
  • Shohei Ohtani, baseball: $102.5m (£77m)
  • Kevin Durant, basketball: $101.4m (£76.2m)