කුසල් මෙන්ඩිස්ට IPL තරගාවලියෙන් කැඳවීමක්

 


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සමග එක්වීමට ආරාධනා ලැබී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ එංගලන්ත ක්‍රීඩක ජෝෂ් බට්ලර් වෙනුවටයි.

ඉන්දු-පකිස්ථාන් යුධ ගැටුම් හමුවේ කද්දැමුනු IPL තරගාවලිය නැවත ආරම්භ කිරීමේදී එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් හට ඉතිරි තරඟ සඳහා සහභාගී වීමට නොහැකිවීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් හට මේ අවස්ථාව හිමිවී තිබෙනවා.