සතියකට පසු IPL යළිත් ?
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසනවා.
ඉන්දු - පාකිස්ථාන යුද උණුසුම ඉහළ යෑමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.
මේවන විට IPL තරගාවලියේ තරග 58ක් පවත්වා තිබෙන අතර ඒ අනුව මූලික වටයේ තරග 12ක් සහ අවසන් මහා තරගය ද ඇතුළුව අවසන් වටයේ තරග 4ක් ද පැවැත්වීමට ඉතිරිව තිබෙනවා.
අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව එම තරග පැවැත්වෙන දින හා ස්ථාන පිළිබඳව දැනුම්දෙන බව BCCI ආයතනය සඳහන් කරනවා.
මේ අතර පාකිස්ථානයේදී ද මේදිනවලදී ක්‍රියාත්මක වන පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග පාකිස්ථානය තුළ පැවැත්වීම නවතා දමන්නට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එරට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
Social Plugin