වසර 6කට පසු යුපුන් අබේකෝන් සහය දිවීමේ ඉසව්වට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්වට අද එක්වීමට නියමිතයි.
යුපුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහය දිවීමේ ඉසව්වකට සහභාගී වන්නේ 2019 වසරෙන් පසුවයි.
ඔහු අවසන් වරට සහය දිවීමේ තරගයකට සහභාගී වූයේ 2019 වසරේ කත්මණ්ඩු හි පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේය.
ඩුබායි ඉසව්වේදී අබේකෝන් සමඟ වත්මන් ජාතික ශූර චමෝද් යෝදසිංහ සහ මෙරොන් විජේසිංහ, දෙනෙත් වීරරත්න සහ චමෝද් දිසානායක යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
Social Plugin