IPL Playoff වටයේ පළමු තරගය අද


2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Playoff වටයේ පළමු තරගය වන Qualifier 01 තරගය අද (29) රාත්‍රී 7.30 ට ඉන්දියාවේ මුල්ලාන්පූර්හිදි පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, Punjab Kings සහ Royal Challengers Bengaluru කණ්ඩායම් අතර මෙම තරගය පැවැත්වෙනු ඇති.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා පළමු කණ්ඩායම බවට පත්වනු ඇති.