කොරියාවේදී අලුත් වුණු ශ්‍රී ලංකා ජාතික වාර්තාව


26 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට රසාරා විජේසූරිය සමත් වුණා.

ඒ කාන්තා මීටර් 10000 ඉසව්වෙන්.

ඇය එහිදී මිනිත්තු 33 තත්පර 21.62ක දක්ෂතාවයක්  වාර්තා කරමින් එම ඉසව්වේ හත්වන ස්ථානය හිමිකරගැනීමට ඇය සමත්වුණා.

මින් පෙර කාන්තා මීටර් 10000 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ලෙසින් සටහන්ව තිබුණේ මිනිත්තු 33 තත්පර 39.60ක කාලයයි.