රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම, සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසිං මුසරබානි සමඟ තාවකාලික ආදේශකයක් ලෙස ගිවිසුම්ගතව තිබෙනවා.
ඒ,Lungi Ngidi මැයි 26 වන දින ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියෙන් ඉවත්ව දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝඩ්ස් හි පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) අවසන් තරඟයට සූදානම් වීම සඳහා පිටත්ව යන බැවිනි.
මින් පෙර කිසිඳු IPL තරඟාවලියකට සහභාගී වී නොමැති මුසරබානි බැංගලෝර් කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකටයි.
ඔහු මීට පෙර 2022 වසරේදී ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම වෙනුවෙන් net bowler ලෙස එක්ව තිබේ.
Social Plugin