ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල කණ්ඩායමක්! සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙක් නැවතත් කණ්ඩායමට!

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු සංචිතය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව එළැඹෙන ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා පැට් කමින්ස්, ජෝෂ් හැසල්වුඩ් හා කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

කැමරන් ග්‍රීන් ටෙස්ට් සංචිතය සඳහා කැඳවා තිබෙන්නේ මාස 12කට අධික කාලයකින් පසුව වන අතර ආබාධ තත්තවයක් හේතුවෙන් පසුගිය සමය පුරාවට ඔහුට ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවිය.

2023දී ඉන්දියාවට එරෙහිව The Oval ක්‍රීඩාංගණයේදී ජයගත් ටෙස්ට් ශූරතාවය නැවත වතාවක් ආරක්ෂා කරගැනීමේ අරමුණින් යුතුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර අවසන් මහ තරගයටද සහභාගී වේ. 

ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්,