නේපාලයෙන් ලද අමිහිරි පරාජයත් සමඟ ඉවතට විසි වුණු ශ්‍රී ලංකාව

දකුණු ආසියානු පාපන්දු වයස 19 න් පහළ (බාලක) තරගාවලියේ මූලික වටයේ තමන්  සහහාගී වුණු  තරග දෙකෙන්ම ශ්‍රි ලංකා කණ්ඩායමට පරාජයට පත් විය.

පසුගිය ඉරිදා (11) දිනයේ නේපාලයට එරෙහිව මූලික වටයේ සිය දෙවැනි තරගයෙන් ගෝල 5 - 0 ක පරාජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය. 

මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඉන්දීය කණ්ඩායම සමගින් පැවති අතර එම තරගයෙන්ද ගෝල 8 - 0 ක් ලෙස පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණු තරග ද්විත්වයේදී කිසිදු ගෝලයක් රැස් කිරීමට අසමත් වුවද ප්‍රතිවාදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 13ක් රැස් කිරීම කැපී පෙනෙන සිදුවීමකි.