ලෙසදු අර්ථවිදු අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි


26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙම දිනවල දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උස පැනීමේ තරග ඉසව්වට සහභාගී වුණු ලෙසදු අර්ථවිදු, මීටර් 2.10 ක සුදුසුකම් ලැබීමේ උස සීමාවට පහසුවෙන් ළඟා වීමෙන් පසු අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

එම ඉසව්වේ අවසන් මහා තරඟය මැයි 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 2:10 ට පැවැත්වේ.