තායිලන්තයේ පැවති 7 වෙනි ජාත්‍යන්තර තායි සටන් කලා උළෙලේ විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.
ඒ රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගනිමින්.
දින 6ක් පුරා පැවති මෙවර තරගාවලිය වෙනුවන් ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක ක්‍රීඩකයන් 600කට අධික පිරිසක් සහභාගී වුණා.
මෙම තරගාවලිය වෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙසින් නුවන් ධනංජය, යසස් විතානගේ, චමිල නිශාන්ත සහ කුමුදු ප්‍රසන්න එක්ව සිටියා.
පදක්කම් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පහතින්,
- A A සහ්ලාන් ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් 16න් පහළ වයස් කාණ්ඩයේ 57kg බර පන්තියෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි.
- M R M ශහල් ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් 14න් පහළ වයස් කාණ්ඩයේ 57kg බර පන්තියෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි.
- සසේන් කළුබෝවිල ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් 18න් පහළ වයස් කාණ්ඩයේ 60kg බර පන්තියෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි.
- යන්සිළු දිනංජය ක්‍රීඩකයා මුයිතායි (ආධුනික) අංශයෙන් 18න් පහළ වයස් කාණ්ඩයේ 67kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.
- තිසර අංජන ක්‍රීඩකයා මුයිතායි (අර්ධ වෘත්තීය අංශයෙන්) අංශයෙන් ජ්‍යේෂ්ඨ කාණ්ඩයේ 51kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.
- M I M ඉමාන් ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් 14න් පහළ වයස් කාණ්ඩයේ 63.5kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.
- සන්දේශ් තීක්ෂණ ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 91kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.
- කුමුදු ප්‍රසන්න ක්‍රීඩකයා මුයිතායි (වෘත්තීය) අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 63.5kg බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.
- සසේන් කළුබෝවිල ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් 18න් පහළ වයස් කාණ්ඩයේ 60kg බර පන්තියෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි
- චමත් රාජපක්ෂ ක්‍රීඩකයා මුයිතායි (ආධුනික) අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 81kg බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.
- රුසිරු රංගනාත් ක්‍රීඩකයා මුයිතායි (ආධුනික) අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 71kg බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.
Social Plugin