මනුදිට සහ චේතනාට ජාත්‍යන්තර එක්දින වරම්
අද ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන එක්දින තරගාවලිය අරඹමින් පැවත්වෙන පළමු එක්දන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මනුදි නානායක්කාර සහ චේතනා විමුක්ති පළමු වරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට සුදුසුකම් ලබා ගත්තා.
මනුදි අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමෙ නායිකාව ලෙස දක්වන දක්ෂතා නිසා මේ අවස්ථාවට හිමිකම් කියූ අතර තවමත් 17 හැවිරිදි ඇය මොරටුව වේල්ස්කුමරි විද්‍යාලයේ සිසුවියක වෙනවා.පිකිනාරිණියක ලෙස මෙන්ම අවශ්‍යය මොහොතකදී මඳ වේග පන්දු යවන්නියක ලෙස ද කැපී පෙණෙන දක්ෂතා දක්වා ඇති මනුදි,ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තු අතර ඉදිරයෙන්ම සිටින ක්‍රීඩිකාවක වෙනවා.
චේතනා මොණරාගල දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් පිටියට පිවිසෙන ක්‍රීඩිකාවක් වන අතර ඇය අධ්‍යාපනය ලද පාසල වන්නේ පැල්වත්ත නවෝද්‍යා පාසලයි.වර්ථමානයේ ශ්‍රී ලංකාවේ සිටින ක්‍රිකට් ක්‍රීඩිකාව් අතරින් වේගවත්ම පන්දු යවන්නියක වන චේතනා,නවසීලන්ත වේග තණිතීරුවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් විය හැකි ක්‍රීඩිකාවකි.
මේ වන විටත් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකාව වන මනුදි,එම අවස්ථාවේදී ජාත්‍යන්තර එක්දින තරග සඳහා භාවිත හිස්වැස්ම ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අතින් වීම කැපී පෙණුනා.
චමරිලා දුෂ්කරතා මැද රැඟෙන ආ ලාංකේය ක්‍රිකට්වල අතීත කැපවීම්වල පල හැටියට චමරිලා අභිබවා යා හැකි දක්ෂතා සහිත අනාගතයකට මාවත විවර කර ගෙන සිටින මනුදිලා තව විශාල කාලයක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර ජයග්‍රහණ ගෙන ආ හැකියි.චමරි ද එවැනි අදහසක් දරමින් මනුදිට සුබ පැතුවා.
මොණරාගලින් පැමිණ ජාතික කණ්ඩායම එක්වීමට භාග්‍යය ලත් චේතනා විමුක්ති මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිටින වේගයෙන්ම පන්දු යවන ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන්ම නම සඳහන් ක්‍රීඩිකාවක්.ඇය කණ්ඩායම් පුහුණුකරු මෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද අති විශිෂ්ඨ සේවයක් කළ ක්‍රීඩකයෙකු වෙනවා.භයානක වේග පන්දු යවන්නෙකු ලෙස ලෝකයේම අවධානය දිනා ගත් රුමේෂ්,චේතනාට එක්දින වරම් ප්‍රධානය කරමින් හිස් වැස්ම ලබා දීම ද වටිනා ක්‍රියාවක් ලෙස දැකිය හැකියි.
මේ සමඟින් අදාළ වීඩියෝව නැරඹීය හැකියි.
https://www.youtube.com/watch?v=VxzqX7gybC0
SOURCE: NMR (Journalist)
Social Plugin