මිශ්‍ර යුගල බලාපොරොත්තු අහවරයි

 

මිශ්‍ර යුගල බලාපොරොත්තු අහවරයි


චීනයේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ දෙවන වටය නියෝජනයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකාවේ මිශ්‍ර යුගල කණ්ඩායම් දෙකම පරාජයට පත් වුණා.

පිලිපීනය නියෝජනය කළ ක්‍රිස්ටියන් දොරේගා සහ හෙරන්ඩිස් ඇන්ඩ්‍රියා වෙතින් ශ්‍රී ලංකාව නියෝජනය කළ පසිඳු මුතුතන්ත්‍රිෙග් සහ ඉසුරි අත්තනායක පරාජයට පත් වුණා.ලකුණු තත්ත්වය දැක් වුණේ 21-13 සහ 21 – 9 ක් ලෙසයි.

ෂෙනුක් සමරරත්න සහ රනිත්මා ලියනගේ සමඟ තරග වැදුණේ තායිපේ නියෝජනය කළ මහෝ හොවා චියු සහ වාන් පෙයි චෙන් යන දෙදෙනායි.ඔවුන් වෙතින් රනිත්මා සහ ෂෙනුක් 21-8 දම 21 – 6 ක් ලෙස පරාජයට පත් වුණා.

SOURCE: NMR (Journalist)