රනිත්මා ඇමෙරිකාවේ වෙරෝනිකා පරදවයි

 

රනිත්මා ඇමෙරිකාවේ වෙරෝනිකා පරදවයි


ශ්‍රී ලංකාවේ වර්ථමාන බැඩිමින්ටන් සූරිය වන රනිත්මා ලියනගේ ලෝක කණ්ෂ්්‍ය බැඩිමින්ටන් සූරතාවලියේ දී කාන්තා ඒකල තරග වටයේ සිය දෙවන ජයග්‍රහණය අත් කර ගන්නට සමත් වූවාය.ඇය වට 2-0 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවේ ඇමෙරිකාවේ වෙරෝනික යන්ග් ය.විනාඩි 35 ක් ගත් වූ එම තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ 21-14 සහ 21 – 16 ක් ලෙසය.ඒ අනුව ජයග්‍රාහි රනිත්මා, අවසන් 32 වටයේ දී තරග කරන්නට නියමිතව ඇත්තේ වියට්නාමය නියෝජනය කරන බුයි බිච් පොන්ග් සමඟය.

ශ්‍රී ලංකාවේ රශ්මි මුදලිගේ ද අවසාන 64 දෙනාගේ වටයේ දී මැලේසියාවේ ඔන්ග් ෂින් යී සමඟ තරග වැදුණා ය.ඇය මැලේසියානු ක්‍රීඩිකාව ඉදිරියේ ලකුණු 21-11 සහ 21-12 ක් ලෙස පරාජය ලැබුවාය.

SOURCE: NMR (Journalist)