නවසීලන්තය දෙවන වරටත් ශ්‍රී ලංකාවට පරදියි
ඕස්ට්‍රේලියාව,නවසීලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවත්වෙන තුන් කොන් විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්තයට එරෙහි දෙවන ජයත් වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110 ක් රැස් කරන්නට සමත් වුණා.එහිදී නායිකා මනුදි නානායක්කාර පන්දු 35 දි ලකුණු 41 ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ඉහළම දායකත්වය ලබා දුන්නා.
පිළිතුරු ඉණිම සඳහා පිවිසි නවසීලන්තයට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණියට හිස ඔසවන්නට ඉඩ ලබා දුන්නේම නැහැ.විශේෂයෙන් චමෝදි ප්‍රබෝධා ලකුණු 12 ට කඩුලු 2 ක් දවා ගනිමින් සහ ප්‍රමෝදි මෙත්සරා ලකුණු 15 ට කඩුලු 2 දවා ගනිමින් කැපී පෙනුණා.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න.https://www.cricket.com.au/matches/CA:21389/new-zealand-development-women-sri-lanka-u19-women-u19-t20-tri-series-2024-women?tab=scorecard
SOURCE: NMR (Journalist)
Social Plugin