ශ්‍රීලංකාවට හොඳ දවසක්
ශ්‍රී
ලංකා ලකුණු පූවරුව 2 ක් ව තිබියදී පැතුම් නිශ්ශංක දැවී ගිය අතර ඉනික්බිති දිමුත්
කරුණාරත්න සමඟ එක් වූ චන්දිමාල්, දිමුත් සමඟ දෙවන
කඩුල්ලට ලකුණු 122 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.දිමුත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී
යාමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සමඟ තෙවන කඩුල්ලට තවත් ලකුණු 97 ක
සබඳතාවක් පවත්වනු ලැබීමෙන් ඉනික්බිති දැවී ගියා.
චන්දිමාල්ගේ
දැවී යාමෙන් ඉනික්බිති පිටියට පිවිසි වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීයම
පිතිකරු බවට පත් වී සිටින කමිඳු මෙණ්ඩිස් ඊයෙ දිනය නිමවන විට පන්දු 56 න් ලකුණු 51
ක් ලබා නොදැවී සිටිනවා.පරිණත මැතිව්ස්,
කමිඳු සමඟ තෙවන කඩුල්ලට නොබිදුණු ලකුණු 85 ක සබඳතාවක් ගොනු කරමින් නොදැවී ලකුණු 78
ක් ලබා සිටිනවා.
නවසීලන්ත
පන්දු යවන්නන් අතරින් නායක ටිම් සවුති ලකුණු 54 ට කඩුල්ලක් සහ ගේන් පිලිප්ස් ලකුණු
33 ට කඩුල්ලක් ලබා ගන්නට සමත් වුණා.පළමු
ඉණිමේ පළමු දිනයේ සම්පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් අත් කර ගෙන සිටින මේ
තරගයේ දෙවන දිනය ද සැළසුම් සහගතව ශ්‍රී
ලංකා පිතිකරුවන් විසින් විශාල ලකුණු ගණනකට රැගෙන ගියහොත් අවසාන දින තුන නවසීලන්තය
දුශ්කර අවස්ථාවකට මුහුණ දෙනු නිසැකය.ප්‍රභාත්
ජයසූරිය සහ ටෙස්ට් වරම් අලුතෙන් ලද නිශාන් පීරිස් එම දුශ්කර තත්ත්වයට නවසීලන්තය රැගෙන
යන කසකරුවන් වෙනු ඇත.
තරගයේ
ලකුණු පූවරුවට මෙතැනින් පිවිසෙන්න.
:https://www.espncricinfo.com/series/sri-lanka-vs-new-zealand-2024-1447091/sri-lanka-vs-new-zealand-2nd-test-1447097/live-cricket-score
SOURCE: NMR (Journalist)
Social Plugin