කමිඳු බ්‍රැන්ඩම්න්ට සම වෙයි

 


කමිඳු බ්‍රැන්ඩම්න්ට සම වෙයි

නවසීලන්තය සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ලකුණු 112 ක් එක් කළ කමිදු මෙණ්ඩිස්,ශ්‍රීමත් ඩොනල්ඩ් සතුව පැවති වාර්තාවක් සම කරන්නට සමත් විය.ශ්‍රීමත් බ්‍රැඩ්මන් සිය 11 වන ඉණිමේ දී සිය ටෙස්ට් දිවියේ දී වාර්තා කළ සිව්වන ශතකය වාර්තා කර තිබුණු අතර,අද කමිඳු මෙණ්ඩිස් ද සිය 11 වන ඉණිමේ දී ශතකයක් වාර්තා කරමින් සිය ටෙස්ට් දිවියේ සිව්වන ශතකය වාර්තා කරන්නට සමත් විය.එහි යම් වෙනසක් වේ නම් ශ්‍රීමත් බ්‍රැඩ්මන් සිය 11 වන ඉණිමට මුහුණ දුන්නේ තමන් සහභාගි වූ 6 වන තරගයේ දී ය.කමිදුට එම අවස්ථා හිමි වන්නේ තමන්ගේ හත්වන ටෙස්ට් තරගයේ දී ය.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ශතක හතරක් ලබා ගෙන තිබුණේ මයිකල් වැන්ඩොර්ට් ය.ඔහු තමන් සහභාගි වූ 13 වන ටෙස්ට් තරගයේ දී සහ 21 වන ඉණිමේ දී සිය සිව්වන ශතකය වාර්තා කරන්නට සමත් විය.එසේම තමන් සහභාගි වූ මුල් ටෙස්ට් තරග හතේදීම අර්ධ ශතකයක් වාර්තා කරන්නට සමත් වූ කමිඳු,මීට පෙර එවැනි දස්කමක් කර තිබුණු පකිස්තානයේ පාකිස්තානයේ සවුද් ශකීල් මෙම විශිෂ්ට දස්කම දක්වා තිබිණි.

SOURCE: NMR (Journalist)