එක මෙණ්ඩිස් කෙනෙක් සීයයි - අනෙක් මෙණ්ඩිස් පනහයි
නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් ලබා ගෙන සිටිනවා.ශ්‍රී ලංකා ඉණිමට මහත් ශක්තියක් වෙමින් කමිඳු මෙණ්ඩිස් ලකුණු 112 ක් රැස් කරන්නට සමත් වුණා.කුසල් මෙණ්ඩිස්ගේ දායකත්වය ලකුණු 50 ක් විය.
අතේ ආබාධයකට ද මුහුණ දෙමින් නැවත පිටියට පිවිසි ඇන්ජලෝ මැතිවිස් හයවන කඩුල්ලට කමිඳු සමඟ ලකුණු 72 ක සබඳතාවයක් පවත්වන්නට දායක විය.ඔහු අනතුරට ලක් වන විට චනිද්මාල් සමඟ තෙවන කඩුල්ලට ලකුණු 36 ක සබඳතාවයක් පවත්වන්නට ද දායක වී තිබිණ.
කමිඳු හැරෙන විට ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වඩාත් සාර්ථක පිතිකරුවා බවට පත් වූයේ මෙම තරගයේ දී අංක 7 පිතිකරුවා ලෙස යොදා ගත් කුසල් මෙණ්ඩිස් ය.ඔහු හත්වන කඩුල්ලට ලකුණු 103 ක් එක් කළ අතර කුසල්ගේ නම ඉදිරියේ ලකුණු 50 ක් සටහන් වී තිබිණ.කුසල් ගේ දැවීයාම අවාසනාවන්ත දැවී යාමක් විණි.ඔහු එල්ල කළ පහරක් ටොම් ලේතම්ගේ සිරුරේ දවටී ඉවතට යද්දී ෂෝට් මිඩ් විකට් හී පන්දු රකිමින් සිටි ටිම් සවුති විසින් රැක ගත්තේය.
මේ දායකත්වයන් නිසා දිනය නිමා වන විට කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දෙන්නට ගත් තීරණය යම් තරමකට මල්පල ගන්වා ගෙන තිබිණ.ප්‍රබල බලපෑමක් දඟ පන්දුවෙන් කළ හැකි මට්ටමේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට සතුට දනවන අයුරෙන් පළමු දිනයේම ඇතැම් දැඩි දඟ කැවීම් පිටියේ දකින්නට ලැබීම නවසීලන්ත ඉණිමට පහසු නොවනු ඇත.
තරගයේ ලකුණු විස්තරයට →→ https://es.pn/3XnPZ2c
SOURCE: NMR (Journalist)
Social Plugin