සත්‍යාගෙන් ශක්තිමත් ඉණිමක් - ශ්‍රී ලංකාවට පළමුවරට දිනුමක්
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායිකා සත්‍යා සංදීපනී පන්දු 33 දී ලකුණු 46 ක් නොදැවී ලබමින් දියත් කළ ශක්තිමත් ඉණිමත්,ඇය පස්වන කඩුල්ල සඳහා පියුමි වත්සලා (29) සමඟ පස්වන කඩුල්ලට ලකුණු 47 ක් ද,හයවන කඩුල්ල වෙනුවෙන් මල්ෂා ශෙහානි (නොදැවී 21) සමඟ නොබිඳි ලකණු 37 ක සබඳතාවයත් නිසා, බංගලාදේශ කාන්තා ඒ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී බංගලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කාන්කා ඒ කණ්ඩායමය හැකි වෙනවා.සැප්තැම්බර් 16 වන දා කොළඹ තර්ස්ටන් පිටියේ පැවති මෙම තරගයේ දී බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19 ක ජයක් හිමි වෙනවා.
බංගලාදේශ කණ්ඩායමට කාසියේ වාසිය හිමිවීමෙන් අනතුරුව පන්දුවට පහරදීමට ආරාධනා ලබන ශ්‍රී ලංකා පිතිකාරිණියන් පළමු වරට හොඳ ලකුණු පූවරුවක් මේ තරගයේදී නිර්මාණය කර ගන්නවා.ඒ සත්‍යා,පියුමි සහ වත්සලා එක්ව ගොඩ නැඟූ සාර්ථක ඉණිම්වල ආධාරයෙන් වන අතර ෆාතිමා කතූන් ලකුණු 13 ට කඩුලු 2 ක් ද,මරුෆා අක්ටාර් ලකුණු 21 ට කඩුලු 2 ක් ද ලබා ගනිමින් බංගලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත් වෙනවා.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට වඩා ජාත්‍යන්තර වශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අත්දැකීම් ලබා ගත් වැඩි පිරිසක් සිටින ශක්තිමත් බංගලාදේශය මෙල්ල කර ගැනීමේ මෙහෙයුමේ දී චේතනා විමුක්ති,නිමේෂා මධුශානි,තාරුකා ෂෙහානි සහ දෙව්මි විහංගා විසින් කඩුලු 2 බැඟීන් දවා ගනිමින් බංගලාදේශ පිතිකාරිණියන්ගේ ගමන අඩාල කරනු ලැබුවා.එම පන්දු යැවීමේ අභියෝගය ඉදිරියේ බංගලාදේශ පිතිකාරිණියන් අතරේ ඉලක්කම් දෙකක ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට සමත් වුණේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණයි.ශොර්නා අක්තාර් ලකුණු 28 ක් ලබා ගන්නට සමත් වූ අතර ටාජ් නෙහාර් ලකුණු 15 ක් ලබා ගත්තා.
SOURCE: NMR (Journalist)
Social Plugin