චමරි තවත් තෙවසරක් සිඩ්නි තන්ඩර්ස් හා බැඳේ

 


චමරි තවත් තෙවසරක් සිඩ්නි තන්ඩර්ස් හා බැඳේ

සිඩ්නි තන්ඩර්ස් හී සාමාන්‍යාධිකාරී ට්‍රෙන්ට් කෝප්ලන්ඩ්  පවසන්නේ ඔක්තෝම්බර් 28 දා ඇරඹෙන 2024 – 2025 තරග වාර්යේ සිට තවත් වසර තුනක කාලයක් සඳහා චමරි අතපත්තු සිය කණ්ඩායම සතුකර ගැනීමට හැකිවීම ගැන තමන් සතුටු වන බවයි.

“අනිත් කණ්ඩායම් ඇයව දිනා ගැනීමට උනන්දු වූ බව උනන්දු වූ බව අපි දන්නවා.ඒත් ඇය නැවත අපට දිනා ගැනීමට කළ උත්සාහයේ අපි දිගටම රැදී සිටියා.ඉකුත් ගිම්හානයේ දී ඇය කණ්ඩායම් සඟයන්ට මෙන්ම සිඩ්නි තන්ඩර්ස් රසිකයන් සමඟත් ගත කළ සමීප ආකාරයට අපි කැමතියි.” එහිදී ට්‍රෙන්ට් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

මීට පෙර Melbourne Renegades සහ Perth Scorchers සමඟ WBBL හි තරඟ කර ඇති චමරි,ඉකුත් වසරේ සිඩ්නි තන්ඩර්ස් හා සම්බන්ධ වන්නේ ආවරණ ක්‍රීඩිකාවක් ලෙසයි.එහිදී ලැබුණු පිළිගැනීම සමබන්ධයෙන් චමරි ච තෘප්තිමත්ව ඇති ආකාරයක් පෙනෙන අතර ඇය ඒ ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙතරම් විවිධ වූ සහ විචිත්‍රවත් ප්‍රජාවක් නියෝජනය කිරීමට ලැබීම භාග්‍යයක් බවත් ඒ ගැන තමන් ඉතාමත් සතුටින් සිටින බවත් ය.

ඒ අනුව මෙවර බිග්බෑෂ් තරගාවලිය ආරම්භවීමට නියමිත ඔක්තෝම්බර් 28 වන දින සිට මේ වසරේ තරගාවලයටත්,එළැඹෙන වසරවල තරගාවලි සඳහාත් චමරි සිඩ්නි තන්ඩර්ස් සමඟ ක්‍රීඩා කරනු දැකීමට අපට හැකි වෙනු ඇත.

SOURCE: N.M.R (Journalist)