ජාතික ක්‍රීඩාවේ පළුඳු මසන සන්නාලියන් රන් කුසලානය දිනා ගැනීමේ අවසන් සටනට

 


ජාතික ක්‍රීඩාවේ පළුඳු මසන සන්නාලියන් රන් කුසලානය දිනා ගැනීමේ අවසන් සටනට


අවුරුදු 25 න් පහළ ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවසාන තරගය සඳහා පැමිණි කාන්තා කණ්ඩායම් දෙකම ඇඟළුම් කර්මාන්තය සම්බන්ධ ආයතන හරහා පැමිණි කණ්ඩායම් වීම මෙහිදී විශේෂ කොට සැළකිය යුතුයි.අම්පාර මාස් කණ්ඩායමට ජය හිමි වූ කාන්තා අවසාන තරගයේ දී තරගය වට 4 ක් දක්වා දිගු වෙනවා.අනු සූරතාවය දිනූ ගලගමුව හයිඩ්‍රාමනී කණ්ඩායම අම්පාර මාස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමු වටය 25-19 ක් ලෙස ජය ලබනවා.එහෙත් ඉන් අනතුරුව මාස් කණ්ඩායම ඉතිරි වට 3 ලකුණු 25-22,25-11 සහ 25-23 ක් ලෙස ජය ගැනීමට සමත් වෙනවා.

පිරිමි අවසාන තරගයේ දී ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරමින් සූරතාවය අත්පත් කර ගැනීමට සමත් වෙනවා.එහිදී ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 25- 20,25-18 සහ 25-11 ක් ලෙසයි.

මෙහිදී ජාතික ක්‍රීඩාවේ හිත සුව පිණිස ලංකාවේ ඇගළුම් කේෂ්ත්‍රයේ මැදිහත්වීම මෑත කාලය තුළ දකින්නට ලැබෙන සුවිශේෂී තත්ත්වයක් වීම රජයේ අවධානයට ලක් විය යුතු තත්ත්වයක්. ජාතික ක්‍රීඩාව නඟා සිටිවීමේ උවමනාව ඇතිව රජයකට මැදිහත් විය හැකිනම් රටේ ක්‍රීඩාවට පහසුකම් සපයන ඇගළුම් කර්මාන්ත ශාලා සඳහා යම් ආකාරයක බඳු සහන ආදිය ලබා දී ක්‍රීඩාව ප්‍රවර්ධණයට තවත් ඇගළුම් කර්මාන්තය හරහා දායකත්වය ලබා ගත හැකියි යන්නද මෙහිදි සිහිපත් කළ යුතුයි.

SOURCE: N.M.R (Journalist)