එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ගත් තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) තීරණය කර තිබේ.
ඊයේ (24) ඩකා නුවර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් මහතා මේ බව තහවුරු කළේය.
ICC තීරණයට එරෙහිව බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආරවුල් විසඳීමේ කමිටුව වෙත යෑමට සූදානම් වන බවට පසුගිය දිනවල විවිධ වාර්තා පළ විය. එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් අම්සාඩ් හොසේන් මහතා කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තම මණ්ඩලයට අවශ්‍යතාවක් නොමැති බවයි.
“අපි ICC මණ්ඩලයේ තීරණය පිළිගත්තා. ICCය අපේ තරග ශ්‍රී ලංකාවට මාරු කරන්න බැහැ කියලා කියලා තියෙන නිසා, මේ අවස්ථාවේදී අපිට ඉන්දියාවට ගිහින් ක්‍රීඩා කරන්න බැහැ. අපේ ස්ථාවරයේ එලෙසම ඉන්නවා. අපි වෙනම බේරුම්කරණයකට හෝ වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට යන්නේ නැහැ”

Social Plugin