2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිය නිල සංචිතය අද ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලි අග්හා (Salman Ali Agha) වෙත පවරා තිබීම විශේෂත්වයකි. හිටපු නායක බාබර් අසාම් සහ ප්‍රබල වේගපන්දු යවන්නා ෂහීන් ෂාහ් අෆ්රිඩි ද සංචිතයට ඇතුළත් කර ඇතත්, නායකත්ව වගකීම මෙවර නව මුහුණුවරකින් ක්‍රියාත්මක වනු ඇත.
මෙවර සංචිතයේ කැපී පෙනෙන සිදුවීම වන්නේ ක්‍රීඩකයින් හය දෙනෙකුට සිය මංගල විස්සයි විස්ස ලෝක කුසලාන වරම් හිමි වීමයි. අත්දැකීම් සහ තාරුණ්‍යයේ සම්මිශ්‍රණයක් ලෙස මෙම සංචිතය නම් කර ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
මෙවර ලෝක කුසලානයේදී පාකිස්තාන කණ්ඩායම 'A' කාණ්ඩය (Group A) යටතේ තරග වැදීමට නියමිතය.
පළමු තරගය: පෙබරවාරි 07 වැනිදා
ප්‍රතිවාදීන්: නෙදර්ලන්තය
නම් කළ පාකිස්තාන සංචිතය
සල්මන් අලි අග්හා (නායක)
බාබර් අසාම්
ෂහීන් ෂාහ් අෆ්රිඩි
ශබ්දාබ් ඛාන්
ෆකාර් සමාන්
නසීම් ෂා
මොහොමඩ් නවාස්
සයිම් අයුබ්
අබ්රාර් අහමඩ්
ෆහීම් අෂ්රෆ්
ඛවාජා මොහොමඩ් නෆේ (කඩුලු රකින්නා)
සහිබ්සාදා ෆර්හාන් (කඩුලු රකින්නා)
උස්මන් ඛාන් (කඩුලු රකින්නා)
මොහොමඩ් සල්මන් මිර්සා
උස්මාන් තාරික්

Social Plugin