යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගය අද


19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා සහ අයර්ලන්ත යොවුන් කණ්ඩායම් අතර ගැටුම අද (19) පැවැත් වේ.

යොවුන් ලෝක කුසලාන එක්දින  ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසර හට හිමිව ඇති අතර, අයර්ලන්ත පිළ මෙහෙයවන්නේ ඔලිවර් රිලේ ය

තරගාවලියේ 'ඒ' (A) කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ජපානය සමඟ පැවැති තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය.

එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 387ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ජපාන කණ්ඩායමට පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 184ක් පමණි.