ශ්‍රී ලංකාවට තවත් තරගාවලි පරාජයක්


සංචාරක ශ්‍රී ලංකා - පාකිස්ථාන අවසන් එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට සත්කාරක පාකිස්ථානය ඊයේ (16) සමත් වුණා.

ඒ අනුව පාකිස්ථානය තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 3 - 0ක් ලෙස අපරාජිතව ජය ගනු ලැබුවා.

පාකිස්තාන ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු සියල්ලම දැවී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම වූ ලකුණු 212ක ඉලක්කය හඹා ගිය පාකිස්ථානය පන්දුවාර 44.4ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 215ක් රැස් කරගත්තා.

පාකිස්තානය වෙනුවෙන් ෆකාර් සමාන් ලකුණු 55ක්ද, බාබර් අසාම් ලකුණු 34ක්ද, මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 61ක්ද, හුසේන් තලාත් නොදැවී ලකුණු 42ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, ජෙෆ්‍රි වැන්ඩසේ කඩුළු 03ක්ද, මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක්ද දවා ගත්තා.