ආසියානු කුසලානයේ අවුල දුරදිග යයි! ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම උණුසුම් වෙයි!


ඊයේ (30) ඩුබායිහිදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සාමාජික රටවල් අතර රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වාර්තා අනුව, ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) 2025 ආසියානු කුසලානය තමාගේ කණ්ඩායමට ලබා දෙන ලෙස දැඩි ඉල්ලීමක් කළේය.

මෙම රැස්වීමේදී BCCI නියෝජිතයන්, ACC සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි වෙත කුසලානය සම්බන්ධ පැහැදිලි කිරීමක් ඉල්ලා තිබූ අතර, ඔහු ඒ පිළිබඳව නිශ්චිත ප්‍රතිචාරයක් දැක්වීමෙන් වලකින්නට තීරණය කළ බව සඳහන්.

ඉන්දීය නියෝජිතයන් අවධාරණය කළේ, කුසලානය ACC හි දේපළක් බවත් එය පුද්ගලිකව භාවිත නොකළ යුතු බවත්ය.

කෙසේවෙතත්, මේ වන තෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් කුසලානය ඉන්දියාවට භාර දීමට එකඟ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.