ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 ලීග් තරගාවලියේ සිව්වන තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
ඒ SLC Greens කණ්ඩායම හා SLC Blues කණ්ඩායම අතරයි.
තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට Blues කණ්ඩායම සමත් වුණා.
Blues කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි Greens කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස්කිරීමට සමත් වුණා.
නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් පන්දු 39කින් ලකුණු 50ක් හා චාමික කරුණාරත්න පන්දු 30කින් ලකුණු 41ක් රැස් කරමින් Greens ලකුණු පුවරුව ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී Blues කණ්ඩායම වෙනුවන් අකිල ධනංජය සහ ඩිල්ෂාන් මධුෂංක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
ලකුණු 159ක ජයග්‍රාහී ඉල්ලකය හඹායාමට පිටියට පිවිසි Blues ඉනීම ලකුණු 86කට සීමා කරන්නට Greens කණ්ඩායමේ පන්දු යවන්නන්ට හැකි වුණා.
පන්දුවෙන් දස්කම් පෑ දුෂාන් හේමන්ත ලකුණු 18කට කඩුලු 4ක්ද චාමික කරුණාරත්න ලකුණු 17ට කඩුලු 2ක්ද දවාගැනීමට සමත් වුණා.
මෙම ජයත් සමගින් SLC Greens කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට සමත් වුණේ ක්‍රීඩා කළ තරග 3ම ජයගනිමින්.
Social Plugin