සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරිය අගනා ශතකයකින් වැඩ අරඹයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ දෙදින තරගාවලියේ SSC ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

එහිදී පළමු ඉනීමට කුරුණෑගල යූත් පිළ ලකුණු 273ක් රැස්කිරීමට සමත් වුණා.

සිය පළමු ඉනීම වෙනුවන් පිටියට පිවිසෙන SSC කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 273ක් තුළ බිඳ හෙලීමට කුරුණෑගල ක්‍රීඩකයින් සමත් වුණා.

පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ කෙනුල් ද සොයිසා සහ සනත් ජයසූරියගේ පුත්‍රයා වන රනුක් ජයසූරිය පස්වන කඩුල්ලට ලකුණු 179ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී කෙනුල් ද සොයිසා පන්දු 160කදී නොදැවුනු ලකුණු 152ක්ද රනුක් ජයසූරිය පන්දු 159කින් ලකුණු 116ක් රැස්කිරීමට සමත් වුණා.

SSC ක්‍රීඩා සමාජ යොවුන් පිළ පළමු ඉනීමට කඩුලු 7ක් දැවී ලකුණු 362ක් රැස්කිරීමට සමත් වුණා. තරගය අවසන් වන විට දෙවනි ඉනීමට කුරුණෑගල යූත් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 110ක් රැස්කොට සිටියා.