එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා වන පාකිස්තාන විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මෙවර ආසියානු කුසලානය විස්සයි20 සංචිතයට පකිස්ථාන සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් සංචිතයට ඇතුළත් කර නොමැතිවීම විශේෂත්වයක්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේදී කලවා මාංශ පේශි ආබාධයකට ලක් වූ ෆකාර් සමාන් සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්ව තිබෙන බවයි ක්‍රීඩා පුවත්වල සඳහන් වන්නේ.
කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සල්මන් ආගා වෙත ලබා දී තිබේ.
Social Plugin