ජේකබ් බෙතෙල් 136 වසරක එංගලන්ත ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි


එංගලන්ත 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නියමිත අයර්ලන්ත තරග සංචාරයේ කණ්ඩායම් නායකත්වය සඳහා ජේකබ් බෙතෙල් නම්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

අදාළ තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි.

නවක ක්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායමක් ඒ සඳහා නම් කිරීමටයි එංගලන්ත - වේල්ස් ක්‍රිකට් ආයතනය තීරණය තිබෙන්නේ.

මේ අනූව ජේකබ් බෙතෙල්ට මෙම ත්‍රරගාවලියේ නායකත්වය හිමිවුවන්නේනම් එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර තරගයක් මෙහෙයවන ලාබාලම නායකයා වශයෙන් ඔහු වාර්තා වනු ඇති.