දෝනි වෙනුවට සංජු සැම්සන් චෙන්නයි පිලට ?


රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දීර්ඝ කාලීනම ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් නායකයාද වන සංජු සැම්සන් එම කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පසුගිය සතියේ පුවත් පළ විය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වනවිට ඔහුව සිය කණ්ඩායම වෙත එක්කර ගැනීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මීළඟ නායකයා වශයෙන් ඔහුව පත් කිරීමට අවධානය යොමුව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.