ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විවාහ ගිවිස ගනී! පෙම්වතියට කෝටි 120ක මුද්දක්!


පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ දිගුකාලීන සහකාරිය වූ නිරූපිකාවක්වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමග විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මුද්දක ඡායාරූපයක් සමගින් "Yes I do. In this and in all my lives" යනුවෙන් ඇගේ මව් භාෂාවෙන් සඳහන් කර තිබුණා.

එම මංගල මුදුව දියමන්තිවලින් නිමවා ඇති අතර එය ඩොලර් මිලියන 4ක් හෙවත් රුපියල් කෝටි 120ක වටිනාකමකින් යුතු බව සඳහන්.

රොඩ්‍රිගස් සේවය කළ වෙළෙඳසැලක දී මුණගැසුණු මෙම යුවළ වසර නවයක් පුරා එකට ජීවත්වී තිබෙනවා.

2016 වසරේදී මොවුන් මුණගැසී ඇති අතර, 2017 දී ඔවුන්ගේ සම්බන්ධතාවය ප්‍රසිද්ධියට පත් වූවා.

කෙසේ වෙතත් මේ වන විට රොනාල්ඩෝ සහ ජෝර්ජිනාට දරුවන් හතර දෙනෙක් සිටිනවා.