මහේන්ද්‍ර සිං දෝනිගේ ක්‍රිකට් පිටියේ අන්වර්ථ නාමයක් ලෙස පවතින "Captain Cool" යන නාමය වෙළඳ ලකුණක් ලෙස ලියාපදිංචි කිරීමට ඔහු අයදුම්කර තිබෙනවා.
මෙම නාමය ඔහුගේ නායකත්වයේ සන්සුන් හා සංයමයෙන් යුත් ප්‍රවේශය නිසා ඔහුට ලැබුණු සන්නාමයක් ලෙස ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත්වුණා.
දෝනිගේ මෙම අන්වර්ථ නාමය සඳහා සුවිශේෂී අයිතියක් ලබා ගැනීමේ අරමුණින්, පසුගිය ජුනි 5 වන දින වෙළඳ ලකුණු ලියාපදිංචිය සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත ඉදිරිපත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන්නේ.
එමඟින් දෝනි ක්‍රිකට් ලෝකයේ ඔහුගේ උරුමයට සමාන නාමයක් බවට පත්ව ඇති "Captain Cool" අන්වර්ථ නාමයට සුවිශේෂී අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් මෙම අයදුම්පත යොමු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
Social Plugin