ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 155ක ඉලක්කයක් හිමිවිය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව, පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ Parvez Hossain Emon ලකුණු 38ක්ද, Tanzid Hasan ලකුණු 16ක්ද, නායක Litton Das ලකුණු 06ක්ද, Towhid Hridoy ලකුණු 10ක්ද, Mehidy Hasan Miraz ලකුණු 29ක්ද, රැස් කළා. 

පන්දු යැවීමේදී නුවන් තුෂාර, දසුන් ශානක සහ ජෙෆ්‍රි වැන්ඩසේ එක් කඩුල්ල බැගින්ද මහීෂ් තීක්ෂණ කඩුළු 2ක්ද දවාගත්තා.