ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (5) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහිදි හසන් මිරාස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිවාරාත්‍රී තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකළ බව නායක චරිත් අසලංක පැවසීය.
ඒ අනුව පළමු තරගයට ක්‍රීඩාකළ එශාන් මාලිංග හා මිලාන් රත්නායක විවේකගන්වා ඇත.
ඔවුන් දෙදෙනා වෙනුවට දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කැඳවූ බව අසලංක පැවසීය.
Social Plugin