යොවුන් දැල්පන්දු කණ්ඩායමට ලෝකඩ පදක්කම


2025 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බ්‍රෝන්ස් පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

ප්ලේ-ඕෆ් තරගයේදී, හොංකොං කණ්ඩායම 51–43ක් ලෙස පරාජය කරමින් අඛණ්ඩව තුන්වන වරටත් තරඟාවලියේ තෙවන ස්ථානය රඳවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙවර තරගාවලියේ ශූරතාවය සිංගප්පූරු කණ්ඩායමත්, අනුශූරතාවය මැලේසියා දිනා ගනීමට සමත් වුණා.