එළැඹෙන වසර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානට සුදුසුකම් ලැබීම සඳහා වන ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පෙර පුහුණුවීම වෙනුවෙන් ජපාන ජාතික කණ්ඩායම අගෝස්තු මස 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අගෝස්තු මස 1වැනිදා සිට 10 වැනිදා දක්වා යෙදී ඇති මෙම පුහුණු තරග සංචාරය සඳහා ජපාන ක්‍රිකට් සංගමය විසින් ක්‍රීඩකයන් 18ක සචිතයක් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබේ.
එම කණ්ඩායම මග්ගොන සරේ සහ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් සමග පුහුණු තරග 7ක් ක්‍රීඩා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ.
ජපානය ඇතුළු කණ්ඩායම් 9ක් සහභාගි වන ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඕමානයේ සත්කාරකත්වයෙන් එළැඹෙන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතය.
Social Plugin