සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන විස්සයි20 තරගය අද පැවැත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 133ක් ලබා ගත්තා.
කඩාවැටුණු බංග්ලාදේශ ඉනිමට ශක්තියක් වුණු ජේකර් අලී පන්දු 48කින් ලකුණු 55ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ මුල් කඩුලු 7 ලකුණු 47ක් බිඳ හෙලීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.
තරගයේ අවසන් භාගයේදී සටන්කාමී ඉනිමක් දියත් කළ ෆහීම් අෂ්‍රෆ් වේගවත් ඉනිමක් දියත් කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට රැගෙන ගියා.
නමුත් ඉනිමේ 19වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී 9වන කඩුල්ල ලෙස ඔහු දැවීයාමත් සමඟ නැවතත් තරගය බංග්ලාදේශ කණ්ඩායම දෙසට දෝලනය විය.
පන්දු 32කින් ලකුණු 51ක් රැස් කළ ෆාහිම්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 4ක් අන්තර්ගත විය.
පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ පාකිස්ථානය ඉනිමේ සියලුම කඩුලු බිඳ වැටුණු අතර ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 125ක් පමණි.
මෙම ජයත් සමඟ තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
Social Plugin