ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරළිකාර ජයක්


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 77ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක් චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. 

එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 3ම ලකුණු 29ක් තුළ බිඳ වැටීම ඊට හේතූ විය.

බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගූ කුසල් මෙන්ඩිස් පන්දු 43කදී ලකුණු 45ක්ද නායකත්වයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 123කදී ලකුණු 106ක්ද රැස්කර ගත්තා. 

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Taskin Ahmed පන්දු වාර 10ක් තුළ ලකුණු 47කට කඩුළු 4ක්ද, සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ Tanzim Hasan Sakib පන්දුවාර 9.2ක් තුළ ලකුණු 45කට කගුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. 

ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 244ක් පමණයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක් පමණි.

සාර්ථක ආරම්භයක් ලබා ගත් බංග්ලාදේශ ඉනිමේ දෙවන කඩුල්ල ලකුණු 100 බිඳ වැටුණද ඉනිමට තවත් ලකුණු 5ක් එක්වද්දී බංග්ලාදේශ ඉනිමේ තවත් කඩුලු 6ක් උදුරාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

අංක 7 පිතිකරු ලෙස පැමිණි ජකීර් අලි ලකුණු 51ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ අතර ඔහු මුස්තෆිසූර් රහමාන් සමගින් අවසන් කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් පැවැත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ වනිඳු හසරංග ලකුණු 10ක් පමණක් ලබාදෙමින් කඩුලු 4ක් දවාගත්තේය.

එමෙන්ම කමිඳු මෙන්ඩිස් ද කඩුලු 3ක් දවාගමින් සාර්ථක පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළේය.