සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කරගැනීමට නායක චරිත් අසලංක අද (02) සමත් වුණා.
ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබෙන සංචාරක බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයේදීයි.
පන්දු 117කින් වාර්තා වුණු ඔහුගේ ශතකයට හයේ පහර 04ක් හා හතරේ පහර 06ක් ඇතුළත්.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරා ගැනුණ ද, බංග්ලාදේශ වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට නම් ඉඩක් ලැබුණේ නැහැ.
Social Plugin