එංගලන්තයේ ක්‍රිකට් ගහන්න කුසල් මෙන්ඩිස්ට ආරාධනයක්


එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී නොටින්හැම්ෂයර් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් වෙත ආරාධනා කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

එම ආරංචි මාර්ගවලට අනුව, ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂාන් වෙනුවට ආදේශකයක් ලෙස මෙන්ඩිස් පිළිබඳව සලකා බලා ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වසර ගණනාවක් පුරා ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා නිතර සහභාගී වූ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය අවසර ලැබෙන්නේ කලාතුරකිනි.