ජාතික චෙස් ශූරතාවලිය ඇරඹෙයි


2025 ජාතික චෙස් ශූරතා තරගාවලිය කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයදී අද (18) ආරම්භ වුණා.

මෙම තරඟාවලිය ජූලි 21 දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය හරහා ජාතික චෙස් ශූරයා තෝරා පත් කර ගනීම හා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික චෙස් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමද සිදු කිරීමට නියමිතයි.

මෙවර තරගාවලිය දිවයිනේ සිටින බොහෝමයක් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට බලාපොරොත්තුවන බවයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසන්නේ.