පාකිස්තානය සමගින් පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සිය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට බංග්ලාදේශය ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
පසුගියදා නිමා වූ ශ්‍රී ලංකාවට එරෙහි 20-20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ඓතිහාසික ජයක් වාර්තා කිරීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
තරග 03කින් යුත් පාකිස්තානයට එරෙහි 20-20 තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායම ම තරග බිමට එක් කිරීමටයි තීරණය කර ඇත්තේ.
පාකිස්තානය මේ වනවිටත් ඩකා නුවරට පැමිණ ඇති අතර ජූලි 20,22 හා 24 යන තෙදින තුළ තරග පැවැත්වෙනවා.
Social Plugin