මුත්තයියා මුරලිදරන් පෑ වික්‍රමයට අදට වසර 15යි


ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව හොඳම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන අදට වසර 15ක් සපිරෙනවා.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 800ක් දවා ගත් එකම සහ පළමු පන්දු යවන්නා වන්නේද මුත්තයියා මුරලිදරන් වේ.

ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ තරග 133ක දී කඩුලු 05 අවස්ථා 67ක් සහ කඩුලු 10 අවස්ථා 22ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඔහුගේ හොඳම පන්දු යැවීම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 9/51ක් ලෙසයි සඳහන් වන්නේ.

මුත්තයියා මුරලිදරන්, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය යන රටවල් හතරකට එරෙහිව කඩුළු 100කට වඩා ලබාගත් ලොව එකම පන්දු යවන්නා වේ.

එමෙන්ම කොළඹ SSC පිටියේදී කඩුලු 166ක් දවා ගනිමින් එකම ක්‍රීඩාංගනයක පන්දු යවන්නෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීමට සමත් වුණා.