2025 ලෝක රග්බි U20 ශූරතාවයේදී, 23-15 ලෙස නවසීලන්තය පරාජය කරමින් 2012න් පසු පළමු වරට තරගාවලි ජයග්‍රහකයින් වීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.මේ ජයග්‍රහණය Junior Springboks කණ්ඩායම ලබාගත් දෙවැනි ලෝක ශූරතාවය ලෙසයි සැලකෙන්නේ.
දකුණු අප්‍රිකාව ආරම්භයේ සිටම නවසීලන්තයට විශාල අභියෝගයක් එල්ල කළ අතර, Xola Nyali විසින් driving maul එකක් හරහා තරගයේ පළමු උත්සහක දිනුම වාර්තා කිරීමට සමත් වුණා.
ඉන්පසු ලැබුණු penalty එකකින්, lineout එකක් මඟින් Jayden Sa විසින් කපටි ක්‍රීඩා විලාසයක් පෙන්වමින් උත්සහක දිනුමක් වාර්තා කිරීමත් සමඟ නවසීලන්ත කණ්ඩායමත් තරගයට නව ප්‍රවේශයක් ලබා ගත්තා.
කෙසේ නමුත් පළමු අර්ධය අවසන් විට 13-5ක් ලෙස තරගයේ පෙරමුණ ගන්නට දකුණු අප්‍රිකාණු කන්ඩායම සමත් වුණා.
තරඟයේ දෙවන අර්ධයේදී ද දකුණු අප්‍රිකාණු කණ්ඩායමෙන් විශිෂ්ඨ ක්‍රිඩා විලාසයක් දක්නට ලැබුණා.
මෙම තරඟයේ දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ නායකයා වූ, Riley Norton, 2024 U19 ක්‍රිකට් ලෝක කුසලානයේද නියෝජනය කළ ක්‍රීඩකයෙක් වීම විශේෂත්වයක්.
තරගය අවසන් අවසානයේ දී ලකුණු පුවරුව 23-15ක් ලෙස දිස් වූ අතර, දකුණු අප්‍රිකාණු කණ්ඩායම ඉතිහාසගත ජයක් ලබා ගත්තා.
Social Plugin