ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව අභිබවා යමින් ලියොනල් මෙසී තැබූ වාර්තාව


ලියනෝල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතර පැවති තවත් වාර්තා සටනකින් මෙසී ජයග්‍රහණය ලබා ඇත.

ඒ, පාපන්දු ඉතිහාසයේ දඬුවම් පහර නොවන (non-penalty) වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කිරීමෙන්.

ඔහු මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවනු ලැබුවේ Inter Miami කණ්ඩායම New York Red Bulls සමඟ පැවති තරගයේදීයි.

එම තරගයේදී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට මෙසී සමත් වූ අතර, ඒ සමඟම ඔහුගේ දඬුවම් පහර නොවන ගෝල සංඛ්‍යාව 764 දක්වා ඉහළ ගියා.

මෙතෙක් මෙම වාර්තාවට හිමිකම් කීවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝයි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ගෝල සංඛ්‍යාව 763ක් ලෙස සටහන් වන අතර, මෙසී ඔහුට වඩා එක් ගෝලයක් ඉදිරියෙන් සිටී.