ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැනුම්දීමක්


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (25) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාව ලබාදීටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

එම ටෙස්ට් තරගය හෙට පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි.