තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් ගොන්නක්


තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම, රුසිරු චතුරංග පිරිමි මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර, ඔහු මින් පෙර මීටර් 1500 ඉසව්වෙන්ද රන් පදක්කම දිනා ගනු ලැබුවා.

අයෝමාල් අකලංක පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමද හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

මේ අතර වත්සලා හපුආරච්චි රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. 

ඒ කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන්.