ඉන්දීය නායක ශුබ්මන් ගිල්ගේ ඇඳුමට දඬුවම්!


එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අතරතුර කළු පැහැති මේසේ පැළඳ සිටීම නිසා ඉන්දීය නව නායක ශුබ්මන් ගිල් දඬුවම් නියම කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ICC තරග ඇඳුම් සහ උපකරණ නීති වල 19.45 වගන්තිය ට අනුව කළු පැහැති මේස් පැළඳීම වරදකි.

එම නීතිවලට අනුව ටෙස්ට් තරග වලදීනම් සුදු, ක‍්‍රීම් හෝ ලා අළු පැහැති මේසේ පමණක් පැළඳිය හැකිය.

ඒ අනුව ඉදිරියේදී ගිල්ට මෙම වරදට දඬුවම් නියම වනු ඇති බවයි වාර්තා වන්නේ.