ආරක්ෂක සේවා බොක්සිං ශූරතාවලියේදී යුද හමුදා පිරිමි සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරයි


ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ කොටසක් වන ආරක්ෂක සේවා බොක්සිං ශූරතාවලිය - 2025, කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යුද හමුදාව සහ ගුවන් හමුදා බොක්සිං කණ්ඩායම් පිළිවෙලින් පිරිමි සහ කාන්තා කාණ්ඩවල ශූරයන් බවට පත්විය.

ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් ක්‍රීඩකයින් පනහකට ආසන්න පිරිසක් මෙවර තරගාවලියට සහභාගී වූහ.

පිරිමි කාණ්ඩයේ තරඟ බර පන්ති දහයක් යටතේ පැවති අතර එහි ශූරතාවය යුද හමුදා පිරිමි කණ්ඩායම දිනා ගත්තේ රන් පදක්කම් 8 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමිනි.

කිලෝග්‍රෑම් 56 ට අඩු කාණ්ඩයෙන් තරඟ කළ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර්. ප්‍රසන්න, පිරිමි ශූරතාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

කාන්තා කාණ්ඩයේ තරඟ බර පන්ති 5ක් යටතේ පැවති අතර එහි ශූරතාවය සත්කාරක ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා ගත්තේ රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගනිමින්.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එම්.ටී. ධනිකා කිලෝග්‍රෑම් 57 ට අඩු කාන්තා කාණ්ඩයෙන් තරඟ කරමින් හොඳම කාන්තා බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේය.